Skip to main content

යතාර්ථය

උදුල පිනි කැට ලහිරු කිරණට
විසුල යයි පත් මත නොරන්දා....
පතුල නොපෙනෙන දිවිය ගමනක
දිදුළ අරුතක් ඇතිද මන්දා...
උමතු ගත් සිත් ඇතිව සත් සිත්
නෙතු පියන් මොහොදුරෙන් වැසිලා
දුරැර යහ දම් සොයයි මිණි දම්
අමර සැපතක් ඇතිය සිතලා...
කතර නොමදැන හසර සොයනා
සසර මිනිසුන් ඇත නිබන්දා...
මතුල බුදු බණ පද වැලක මිස 
පතල නිවනක් වෙන කොයින්දා.....

                                               - අචිනි -

Comments

Popular posts from this blog

චරිත

ජීවිතය පොතක්නම් ඒ පිටු අතර සැඟවුණු අහම්බෙන් තෙලි තුඩෙන් මතු වූ ඇරඹුමත් අවසනත් නොදැන මුත් කතාවම අරුත්වත් කල පුංචිම පුංචි යැයි හැඟුණද නිමේශයකට හෝ කතාවම වෙනස් කල සිනහව එක් කල චරිත අවසාන පිටුව තෙක් රැඳෙන්නේ නම්.... - ඉන්ටviewer