හුදෙකලා වන ඇසිල්ලක
හිත පතන්නේ නුඹේ උණුසුම
අසන්නට නුඹේ හඬ
තැවෙයි හැම නිමේශයකම
කන්නට බත් පිඬක් නුඹේ අතින්
එන්නට හිතයි දුවගෙන
සිත නිවන හද පතන
සිතුවිල්ල නුඹමය
දැවටෙන්න නුඹ සෙවෙනෙ
ආසයි අම්මෙ තාම මට
නිහඬ නුඹ හදවතේ
ඇති සෙනෙහෙ සිර කරන්
දැනෙනවා තාත්තේ
නොකිව්වත් වචනයෙන්
නුඹ ළගින් නොමැති දුර
ඈත මා තනි උනත්
නිති සවිය නුඹම විය
සිතින් මා සසැලුනත්
නෙත පතයි ඔබේ රුව
දකින්නට විගසකින්
වඳින්නට දෙපා යුග
නැවත එමි ඉක්මනින්
එනතුරා දකින්නට
ඉන්නවද මග බලන්
-බිමල්කා යෙහානි
හිත පතන්නේ නුඹේ උණුසුම
අසන්නට නුඹේ හඬ
තැවෙයි හැම නිමේශයකම
කන්නට බත් පිඬක් නුඹේ අතින්
එන්නට හිතයි දුවගෙන
සිත නිවන හද පතන
සිතුවිල්ල නුඹමය
දැවටෙන්න නුඹ සෙවෙනෙ
ආසයි අම්මෙ තාම මට
නිහඬ නුඹ හදවතේ
ඇති සෙනෙහෙ සිර කරන්
දැනෙනවා තාත්තේ
නොකිව්වත් වචනයෙන්
නුඹ ළගින් නොමැති දුර
ඈත මා තනි උනත්
නිති සවිය නුඹම විය
සිතින් මා සසැලුනත්
නෙත පතයි ඔබේ රුව
දකින්නට විගසකින්
වඳින්නට දෙපා යුග
නැවත එමි ඉක්මනින්
එනතුරා දකින්නට
ඉන්නවද මග බලන්
-බිමල්කා යෙහානි
Comments
Post a Comment