හීන මිනිස්සුන්ව ජීවත් කරද්දි,
බලාපොරොත්තු ඒ හීන වලට පාර කියනවා.
ප්‍රාර්ථනා ඒ බලාපොරොත්තු වලට උත්තේජනයක් ගේනවා
මේ රාමුව ඇතුළෙ
අපි අපටම පනව ගත්ත සීමාවන් ගොඩක් උඩ ඉඳගෙන
හීන දකිනව..
ආදරය..
නිර්වචනයක් දෙන්න බැරි අකුරු හතරක්,
ගොඩක් අය හැබෑ කරගන්න මහන්සි වෙන හීනයක්.
හැමෝම ප්‍රාර්ථනා කරන්නෙ
එක පපුවක් ඇතුලෙ හුස්ම ගන්න පුලුවන් ආදරයක්..
හිනාවක තියෙන සතුටයි
කඳුලක තියෙන දුකයි තේරුම් ගන්න ආදරයක් නෙවෙයි..
හිනාවක් ඇතුළෙ තියෙන දුක තේරුම් ගන්න පුළුවන්
කඳුල ඇතුලෙ තියෙන සතුට තේරුම් ගන්න පුලුවන්
ආදරයක් තමයි හැම කෙනෙක්ගෙම හීනය..
ප්‍රාර්ථනා කරන විදියට ඒ වගේ ආදරයක් ලැබෙන්නෙ
අතලොස්සකට විතරයි
සමහර විට ඒ වගේ ආදරයක් ඇහැරෙන්නෙ නැති හීනයක්ම වෙන්නත් පුලුවන්
ඒත් ඒ හීන වලට තමයි අපි වැඩියෙන්ම කැමති..
ප්‍රාර්ථනා,හීන,බලපොරොත්තු හිතළුවක් විතරක් උනත්
අපි දකින්න කැමති ඒ දේවල් නම්
අපිට මේ ගමන යන්න තල්ලුවක් වෙන්නෙ ඒ දේවල් නම්
කවද හරි ඒවා හැබෑවෙන තාක් කල්
ඉවසීමෙන් බලා ඉන්නම වෙනවා
-බිමල්කා යෙහානි

Comments
Post a Comment