ඉරු කිරණක උණුසුම ගෙන
පිනි බිඳුවක සිහිලද ගෙන
සුපිපි මලක මෙලෙකද ගෙන
හද නිදන් කළේ..
මඳ පවනක සුවය රැගෙන
මල් යායක සුවඳද ගෙන
සිලිල බිඳක පැහැය රැගෙන
හදෙහි සැඟවුයෙ..
සද කිරණක පහස රැගෙන
සියොත් නදක මිහිර රැගෙන
ගලන ගඟක දිරිය රැගෙන
හදෙහි ඇතිරුවෙ..
එසියල් මහ ගුණ කැටි කොට
කරුණා ගුණයද මුසු කොට
සයුරද නුබ ගැබ පරදන
සෙනෙහස මැව්වෙ..
එසොඳුරු මුදු සෙනෙහස
මා නිබඳ සැනසුවෙ
මවුනි ඔබේ සෙනෙහස
මට සදා සුව ගෙනේ..
hansi
පිනි බිඳුවක සිහිලද ගෙන
සුපිපි මලක මෙලෙකද ගෙන
හද නිදන් කළේ..
මඳ පවනක සුවය රැගෙන
මල් යායක සුවඳද ගෙන
සිලිල බිඳක පැහැය රැගෙන
හදෙහි සැඟවුයෙ..
සද කිරණක පහස රැගෙන
සියොත් නදක මිහිර රැගෙන
ගලන ගඟක දිරිය රැගෙන
හදෙහි ඇතිරුවෙ..
එසියල් මහ ගුණ කැටි කොට
කරුණා ගුණයද මුසු කොට
සයුරද නුබ ගැබ පරදන
සෙනෙහස මැව්වෙ..
එසොඳුරු මුදු සෙනෙහස
මා නිබඳ සැනසුවෙ
මවුනි ඔබේ සෙනෙහස
මට සදා සුව ගෙනේ..
hansi
❤️❤️❤️
ReplyDelete