Skip to main content

බලාපොරොත්තු VS කැපවීම

බැලූ බැල්මට නිකන් ගොනයි මීමයි වගේ..මෙලෝ ගැලපීමක් නෑ.. අන්න එතන තමයි අපි හැමෝටම වැරදුනු තැන..

යමක් කමක් තේරෙන වයසෙ ඉඳන් අපි හැමෝම බලාපොරොත්තු මත ජීවත් වෙනව.. ඒක සාමාන්‍ය මිනිස් ගතිය..
ප්‍රසිද්ධම උදාහරණය විදියට,
පුංචි කාලෙ කවුරු හරි අනාගත බලාපොරොත්තුව මොකක්ද ඇහුවොත් 90%කගෙම උත්තරේ ඩොක්ටර් කෙනෙක් වෙනව කියන එක..තේරුම් කමට හරි නොතේරුම් කමට හරි කියල දාන ලේසිම උත්තරේ ඒක.

එතන්දි එහෙම කිව්වට ටිකක් ලොකු පන්ති වලට යද්දි දොස්තර කෙනෙක් වෙන්න බලාපොරොත්තුවෙන් හිටපු අයගෙ බලාපොරොත්තුව ටික ටික වෙනස් වෙනවා..

සමහරු ඒ බලාපොරොත්තුව මතම යැපෙද්දි තව සමහරු ඉංජිනේරුවො වෙන්න ගනකාධිකාරිවරු වෙන්න ගගනගාමින් වෙන්න වගේ ලොකු ලොකු බලාපොරොත්තු මවා ගන්නවා..
තව සමහරු මේ මොන කරුමක්ද මොන දොස්තරද බං S තුනක් දාගෙන නැවතුනොත් ඇති කියල බලාපොරොත්තුවක් ඇති කරගන්නව..

මොකක්ද මේ හිතන විදිය අතර තියෙන වෙනස..

වෙනස තමයි එක එක්කෙනා තමන්ගෙ බලාපොරොත්තුවට එහෙමත් නැත්තම් ටාගට් එකට යන්න කැපවෙන විදිය..

එහෙම බැලුවම බලාපොරොත්තුයි කැපවීමයි අතර තියෙන්න අනුලෝම සම්බන්ධයක් නෙවෙයිද..

තමන්ගෙ බලාපොරොත්තුව මතම කැපවෙන කෙනා කොහොම හරි තමන්ගෙ අරමුණ ඉශ්ට කරගන්නව..

සරලවම කිව්වොත්
අපි හැමෝටම ජීවත් වෙන්න උත්තේජනයක් එහෙමත් නැත්තම් තේරෙන භාෂාවෙන් කියනව නම් motivation එකක් දෙන්නෙ බලාපොරොත්තු..

අපි ජීවිතය මෙහෙයවන්නෙ ඒ බලාපොරොත්තු ඔස්සේ..

ඒ බලාපොරොත්තු හැබෑ වෙන්නෙ ඒක වෙනුවෙන් කැපවෙන ප්‍රමාණය මතමයි..
නැතුව කාලයට ඉඩ දීල බලන් හිටියටවත් වාසනාවෙන්වත් ඒව කවදාවත් හැබෑ වෙන්නෙ නෑ..

දකින්නෙ එක හීනයයි නම් ඒ හීනෙ තියෙන්නෙ යන්න ඕනි තැන නම් අපිට තියෙන්නෙ ඒ වෙනුවෙන් කැප වෙන්නම වෙන්ව.. වෙන option එකක් නෑ..

ඒක තමයි තිත්ත ඇත්ත..

-බිමල්කා යෙහානි

Comments

Popular posts from this blog

චරිත

ජීවිතය පොතක්නම් ඒ පිටු අතර සැඟවුණු අහම්බෙන් තෙලි තුඩෙන් මතු වූ ඇරඹුමත් අවසනත් නොදැන මුත් කතාවම අරුත්වත් කල පුංචිම පුංචි යැයි හැඟුණද නිමේශයකට හෝ කතාවම වෙනස් කල සිනහව එක් කල චරිත අවසාන පිටුව තෙක් රැඳෙන්නේ නම්.... - ඉන්ටviewer