Skip to main content

Posts

Showing posts from May, 2019

මතක

තුරු පත්වලින් වැසී ගිය අතීත මං පෙත්වල මද සුළඟින් පවා මතුවෙයි අතීත පියසටහන් නේක වැසි ඇද  වැටී තෙත් වුණත්  මං  පෙත් නොමැකිය හැකිනම් තුරු වියනත් රකියි අවැසි කල....  -ඉන්ටviewer

යතාර්ථය

උදුල පිනි කැට ලහිරු කිරණට විසුල යයි පත් මත නොරන්දා.... පතුල නොපෙනෙන දිවිය ගමනක දිදුළ අරුතක් ඇතිද මන්දා... උමතු ගත් සිත් ඇතිව සත් සිත් නෙතු පියන් මොහොදුරෙන් වැසිලා දුරැර යහ දම් සොයයි මිණි දම් අමර සැපතක් ඇතිය සිතලා... කතර නොමදැන හසර සොයනා සසර මිනිසුන් ඇත නිබන්දා... මතුල බුදු බණ පද වැලක මිස  පතල නිවනක් වෙන කොයින්දා.....                                                - අචිනි -

චරිත

ජීවිතය පොතක්නම් ඒ පිටු අතර සැඟවුණු අහම්බෙන් තෙලි තුඩෙන් මතු වූ ඇරඹුමත් අවසනත් නොදැන මුත් කතාවම අරුත්වත් කල පුංචිම පුංචි යැයි හැඟුණද නිමේශයකට හෝ කතාවම වෙනස් කල සිනහව එක් කල චරිත අවසාන පිටුව තෙක් රැඳෙන්නේ නම්.... - ඉන්ටviewer

මවුනි ඔබේ සෙනෙහස මට සදා සුව ගෙනේ..

ඉරු කිරණක උණුසුම ගෙන  පිනි බිඳුවක සිහිලද ගෙන  සුපිපි මලක මෙලෙකද ගෙන  හද නිදන් කළේ..  මඳ පවනක සුවය රැගෙන  මල් යායක සුවඳද ගෙන  සිලිල බිඳක පැහැය රැගෙන  හදෙහි සැඟවුයෙ..  සද කිරණක පහස රැගෙන  සියොත් නදක මිහිර රැගෙන  ගලන ගඟක දිරිය රැගෙන  හදෙහි ඇතිරුවෙ..  එසියල් මහ ගුණ කැටි කොට  කරුණා ගුණයද මුසු කොට  සයුරද නුබ ගැබ පරදන  සෙනෙහස මැව්වෙ..  එසොඳුරු මුදු සෙනෙහස  මා නිබඳ සැනසුවෙ මවුනි ඔබේ සෙනෙහස  මට සදා සුව ගෙනේ..  hansi

රස්තියාදුව

උතුර දකුණ නැති සිතියමක් උජාරුවට අතේ තියන් කටුව කැඩුණු මාලිමාවෙන් හිතේ ඇති දිශා හොයන් එක එකා තම තමන් හොයාගත් මංවල අපූරුවට යයි මගෙ පාර හරි කියන් කෙලවරට ගියපු උන් හැරෙන්නට තැත් කරත් ආයෙත් උගෙ අතේ අර පරණ සිතියමයි.... -Iresh

ඉන්නවද මග බලන්

හුදෙකලා වන ඇසිල්ලක හිත පතන්නේ නුඹේ උණුසුම අසන්නට නුඹේ හඬ තැවෙයි හැම නිමේශයකම කන්නට බත් පිඬක් නුඹේ අතින් එන්නට හිතයි දුවගෙන සිත නිවන හද පතන සිතුවිල්ල නුඹමය දැවටෙන්න නුඹ සෙවෙනෙ ආසයි අම්මෙ තාම මට නිහඬ නුඹ හදවතේ ඇති සෙනෙහෙ සිර කරන් දැනෙනවා තාත්තේ නොකිව්වත් වචනයෙන් නුඹ ළගින් නොමැති දුර ඈත මා තනි උනත් නිති සවිය නුඹම විය සිතින් මා සසැලුනත් නෙත පතයි ඔබේ රුව දකින්නට විගසකින් වඳින්නට දෙපා යුග නැවත එමි ඉක්මනින් එනතුරා  දකින්නට ඉන්නවද මග බලන් -බිමල්කා යෙහානි

සිහින මතින් ජීවිතය

හීන මිනිස්සුන්ව ජීවත් කරද්දි, බලාපොරොත්තු ඒ හීන වලට පාර කියනවා. ප්‍රාර්ථනා ඒ බලාපොරොත්තු වලට උත්තේජනයක් ගේනවා මේ රාමුව ඇතුළෙ අපි අපටම පනව ගත්ත සීමාවන් ගොඩක් උඩ ඉඳගෙන හීන දකිනව.. ආදරය.. නිර්වචනයක් දෙන්න බැරි අකුරු හතරක්, ගොඩක් අය හැබෑ කරගන්න මහන්සි වෙන හීනයක්. හැමෝම ප්‍රාර්ථනා කරන්නෙ එක පපුවක් ඇතුලෙ හුස්ම ගන්න පුලුවන් ආදරයක්.. හිනාවක තියෙන සතුටයි කඳුලක තියෙන දුකයි තේරුම් ගන්න ආදරයක් නෙවෙයි.. හිනාවක් ඇතුළෙ තියෙන දුක තේරුම් ගන්න පුළුවන් කඳුල ඇතුලෙ තියෙන සතුට තේරුම් ගන්න පුලුවන් ආදරයක් තමයි හැම කෙනෙක්ගෙම හීනය.. ප්‍රාර්ථනා කරන විදියට ඒ වගේ ආදරයක් ලැබෙන්නෙ අතලොස්සකට විතරයි සමහර විට ඒ වගේ ආදරයක් ඇහැරෙන්නෙ නැති හීනයක්ම වෙන්නත් පුලුවන් ඒත් ඒ හීන වලට තමයි අපි වැඩියෙන්ම කැමති.. ප්‍රාර්ථනා,හීන,බලපොරොත්තු හිතළුවක් විතරක් උනත් අපි දකින්න කැමති ඒ දේවල් නම් අපිට මේ ගමන යන්න තල්ලුවක් වෙන්නෙ ඒ දේවල් නම් කවද හරි ඒවා හැබෑවෙන තාක් කල් ඉවසීමෙන් බලා ඉන්නම වෙනවා -බිමල්කා යෙහානි

බලාපොරොත්තු VS කැපවීම

බැලූ බැල්මට නිකන් ගොනයි මීමයි වගේ..මෙලෝ ගැලපීමක් නෑ.. අන්න එතන තමයි අපි හැමෝටම වැරදුනු තැන.. යමක් කමක් තේරෙන වයසෙ ඉඳන් අපි හැමෝම බලාපොරොත්තු මත ජීවත් වෙනව.. ඒක සාමාන්‍ය මිනිස් ගතිය.. ප්‍රසිද්ධම උදාහරණය විදියට, පුංචි කාලෙ කවුරු හරි අනාගත බලාපොරොත්තුව මොකක්ද ඇහුවොත් 90%කගෙම උත්තරේ ඩොක්ටර් කෙනෙක් වෙනව කියන එක..තේරුම් කමට හරි නොතේරුම් කමට හරි කියල දාන ලේසිම උත්තරේ ඒක. එතන්දි එහෙම කිව්වට ටිකක් ලොකු පන්ති වලට යද්දි දොස්තර කෙනෙක් වෙන්න බලාපොරොත්තුවෙන් හිටපු අයගෙ බලාපොරොත්තුව ටික ටික වෙනස් වෙනවා.. සමහරු ඒ බලාපොරොත්තුව මතම යැපෙද්දි තව සමහරු ඉංජිනේරුවො වෙන්න ගනකාධිකාරිවරු වෙන්න ගගනගාමින් වෙන්න වගේ ලොකු ලොකු බලාපොරොත්තු මවා ගන්නවා.. තව සමහරු මේ මොන කරුමක්ද මොන දොස්තරද බං S තුනක් දාගෙන නැවතුනොත් ඇති කියල බලාපොරොත්තුවක් ඇති කරගන්නව.. මොකක්ද මේ හිතන විදිය අතර තියෙන වෙනස.. වෙනස තමයි එක එක්කෙනා තමන්ගෙ බලාපොරොත්තුවට එහෙමත් නැත්තම් ටාගට් එකට යන්න කැපවෙන විදිය.. එහෙම බැලුවම බලාපොරොත්තුයි කැපවීමයි අතර තියෙන්න අනුලෝම සම්බන්ධයක් නෙවෙයිද.. තමන්ගෙ බලාපොරොත්තුව මතම කැපවෙන කෙනා කොහොම හරි තමන්ගෙ අරමුණ ඉශ්ට කරගන්...

හන්තාන සිහිනේ

එදා වැව් ඉවුරේ සඳ දකින ඔබ අද හන්තාන සිහිනයේය එදා වැවට පායන සඳ අද එහි අහලකවත් නැත එදා මා සමඟ ගමෙහි ඇවිදින ඔබ අද කා සමඟ හන්තාන ඇවිදින්නේද කෙසේවුවද, එදා මා හා අත් අල්ලන් ගියා මෙන් අද එලෙසම හන්තාන ඇවිදීමට හැකිවේ එදා ඔබට සැබෑ වූ හන්තාන සිහිනය අද මට ද සැබෑ වී ඇත                      -ධනුෂික ලක්මාල්(ධනූ)

ෆැන්ටසි පරපුර

යදම් ලා සිරකොට සිව් කොන පවුරු බැඳ රකින්නට වෙර දරන පරපුරක අභිමන් පියාපත් ලැබුණු විට දහක් සිර මැදිරි බිඳ පුරා සිතුවිලි ගගන කරයි නෙක සක්මන් තබන එක පියවරට තරු රටා වගකියන පරපුරට කුමකටද නේක විද දස්කම් -Iresh

මාවත

හිනාවෙන්න මොහොතක්,විපරමින් අතීතය දෙස බලා, කිසිදිනෙක දුක් නොවන්න,නමුත් අත්දැකීම් අමතක නොකරන්න, අත්දැකීම් තුලින්,වර්තමානය දෙස බලා සතුටු වන්න,ඒවා අවශෝෂණය කරගන්න ඔබේ අනාගතයට ඒවා තුලින්, මිනිසුන් තේරුම්ගෙන, ඔබේ අනාගතය ගොඩනගාගන්න, ඔබට අනවශ්‍ය මිනිසුන් ඈත් වේවි, නමුත් හොඳින් තේරුම් ගන්න, යම් දිනෙක, පසුතැවීමට ඉඩ නොතබාම. Words by  -ධනුෂික ලක්මාල් (ධනූ)

ඉන්ටview #1 - උඹ(මම) කවුද?

නම මොකක්ද? ඒක එච්චර වැදගත් වෙන එකක් නෑ. ජාතිය? මනුශ්‍ය. ආගම? ස්වභාවධර්මය. උප්පැන්න සහතිකේ තියෙන්නෙ එහෙමද? නෑ .  ස්වභාවධර්මය අදහනව කියලද කියන්නෙ? නෑ ඒක නෙවේ අදහස් කරේනම්. ඒත් එහෙම අදහපු කාලෙ මේ ලෝකෙ මීට වඩා ලස්සනට තිබුණා. ඔබ පොරක්, එහෙම නැත්තන් උගතෙක් කියල හිතනවද? අපෝ නෑ. කෙටියෙන් කිව්වොත් ඔබ කවුද? මම, මගේම මතයක් ගොඩ නගාගෙන නිදහසේ හිතලා තීරණ අරන් අනිත් අයගෙ මතේට ගරු කරන් ඉන්න ආස කෙනෙක්. මේ blog එකෙන් මොකක්ද මේ කරන්න යන්නෙ? නිදහසේ තමන්ගෙ අදහස් දක්වන්න කැමති අයට අවස්ථාවක් දෙන්න යන්නෙ. හැබැයි ඒ නිදහස අනිත් අයගෙ නිදහසට බාධාවක් වෙන්න බෑ. ඒ කිව්වෙ කිසිම බෙදුම්වාදී අදහසක් ඇතුළත් වෙන්න බෑ. ඉස්සරහට බලමු අපි.